OL ICT

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු කුමක්ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු කුමක්දැයි මෙසේ හඳුනාගනිමු. උදා- පැරණි යුගයේදී මිනිසුන් පණිවුඩයක් යැවීම සඳහා දුනු ඊතළ යොදාගත් බව කියවේ.
උදා- විදේශ රටක සිටින ඔබගේ මිතුරකු වෙත ඔබ චිත‍්‍ර තරගයකට ඇදි චිත‍්‍රයක් යැවීමට අවශ්‍ය වී ඇත.

1 ක‍්‍රමය- චිත‍්‍රය නැවත ඇදිය නොහැකි නිසා එහි ඡයාරූපයක් ලබා ගෙන සාම්ප‍්‍රදායික තැපෑල හරහා තැපැල් කර යැවීම<>p 2 ක‍්‍රමය – චිත‍්‍රය ඩිජිටල් කැමරාවක් භාවිතයෙන් ඡයාරූප ගත කර හෝ ස්කෑන් කර විද්‍යුත් තැපෑල භාවිතයෙන් යැවීම

ඉහත ක‍්‍රම දෙකම තොරතුරු තාක්ෂණය භාවිත කරන අවස්ථා ලෙස සැලකිය හැකි වුවත් දෙවන ක‍්‍රමය වඩා කාර්යක්ෂම හා ඵලදායී ක‍්‍රමයක් බව ඔබට වැටහෙනු ඇත. ඒ තුල පරිගණක තාක්ෂණය හා බැදුනු නවීන ශිල්ප ක‍්‍රම හා උපාංග යොදා ගනී. වර්ථමාන සමාජය තුල අප තොරතුරු තාක්ෂණය ලෙස සලකනුයේ දෙවන ක‍්‍රමයයි. ඔබට මෙයින් කරුණු කීපයක් ගම්‍ය වනු ඇත.

– මිනිසාගේ එදිනෙදා ගැටලූ සඳහා ඔවුන් තොරතුරු තාක්ෂණ විසදුම් යොදා ගැනීමට උනන්දු වන බව – මෙම තාක්ෂණ ශිල්ප ක‍්‍රම තුල ප‍්‍රධාන චරිත බවට පරිගණක ජාලකරණය, පරිගණකය හා ඒ ආශි‍්‍රත උපකරණ පත් වී ඇති බව – එසේනම් තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීම යනු පරිගණකය හා ඒ නවීන ශිල්ප ක‍්‍රම පිළිබද හැදෑරීම බව

එම නිසා තොරතුරු තාක්ෂණ විෂය පථය තුල තොරතුරු එකතු කිරීම, නිෂ්පාදනය, ගබඩාකිරීම, බෙදාහැරීම, ඵලදායීව භාවිත කිරීම ආදී කි‍්‍රයාදාමයන් රැුසක් ඇත. එම නිසා අප පරිගණකය හා ඒ ආශි‍්‍රත උපකරණ හා එම කි‍්‍රයාවලීන් පිළිබද අවබොධ කර ගත යුතුය. තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය තුල භාවිත වන මෙම උපාංග හා මෘදුකාංග තොරතුරු තාක්ෂණ මෙවලම් ලෙස හදුන්වයි.

අද වන විට තොරතුරු තාක්ෂණය මෙතරම් සීඝ‍්‍ර දියුණුවක් ලැබීමට බලපෑ හේතු ලෙස පරිගණක ජාලකරණය හා දත්ත පාදක (දත්ත එකතු පද්ධතීන්) ලෙස සැලකිය හැකිය. මෙමගින් දත්ත ගබඩා කර ගැනීමටත් ඒවා ඉක්මනින් පුද්ගලයින් අතර බෙදා හැරීමටත් හැකි වී ඇත. ලෝකයේ මිනිසුන් අතර දුරස් බව අඩුකොට ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත් කිරීමට එමගින් හැකිවී තිබේ.

Wait for More note.....

No comments:

Post a Comment